නිර්මාතෘවරු

2023 ශිෂ්‍යත්ව විභාගයෙන් ගෝතමී විදු මෑණියන්ට විශාල ජයක්

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

වර්ෂ 1900 දී පමණ, ගම්පහ සුප්‍රසිද්ධ ජයවර්ධන පවුලේ කාන්තාවක් වූ එම්. ඩී. එස්. ජයවර්ධන මැතිණිය විසින් ඇයගේ ප්‍රධානත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් ගැහැණු දරුවන් සඳහා වූ පාසලක් ලෙස ආරම්භ කල අතර ප්‍රථම ආචාර්යවරියද ඇයම විය. ක්‍රමයෙන් දියුණු මඟට පිවිසි මෙම පාසල රජයට පවරාගෙන 1922 දී පමණ හෙනරත්ගොඩ ගැහැණු පාසල නමින් නම් කෙරිණි. එවකට ප්‍රධානාචාර්යවරිය වූයේ එම්. රණතුංග මහත්මියයි.

පාසලට ස්ථිර ගොඩනැගිල්ලක් තැනීම සඳහා සුදුසු ඉඩමක් සොයාගැනීම රජයේ මීළඟ අභිලාශය විය. ඒ අනුව 1931 වෛද්‍යාචාර්ය ඩී. ඩී. කපුරුබණ්ඩාර මහතාට අයත් ගම්පහ ඔරුතොට පාර අද්දර පිහිටි රේන්දවත්ත නම් මනරම් භූමි භාගයෙන් කොටසක් ලබාගැනීමට හැකිවිය. මේනිසා එතුමාගේ අමරණීය නාමය ගෝතමී පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.

වර්ෂ 1932 දී මෙම ගොඩනැගිල්ල උත්සවශ්‍රීයෙන් විවෘත කර පාසල මෙහි ස්ථාපිත කරන ලදී. පසුව එය හේනේගෙදර ආණ්ඩුවේ ගැහැණු පාඨශාලාව නමින් හැදින්විණි.

වර්ෂ 1963 දී පාසල් වර්ගීකරණයක් සිදුවූ අතර, ඒ අනුව සෑම විදුහලක්ම ජාතික වීරයෙකුගේ හෝ ආගමික උතුමෙකුගේ නමින් නම් කෙරුණි. එහිදී හෙනේගෙදර ආණ්ඩුවේ ගැහැණු පාඨශාලාව, ගම්පහ ගෝතමී ළදරු පාසල ලෙස නම් කෙරුණි. මෙය ළදරු පාසලක් වත්ම බාලාංශ පංතිවලටම පමණක් සීමා වූ අතර, වර්ෂ 1970 දී පස්වන ශ්‍රේණිය දක්වා පංති වැඩි වූයෙන් මෙම විදුහල කණිෂ්ඨ විද්‍යාලයක් බවට පත්විය.

පසුව විදුහලේ දියුණුව තවත් ඉදිරියට ගෙන යමින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පන්ති දක්වා ඇතිවිය.