වැඩබලන විදුහල්පතියගේ පණිවිඩය
ජිනාදරී මාන්නප්පෙරුම
ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය බස්නාහිර පළාතේ ඇති දීප්තිමත් පාසලකි.ශිෂ්‍යත්ව සහ අ.පො.සාමාන්‍ය පෙළ විභාග වලින් ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කරන විශිෂ්ඨ පාසලකි.
අප සිසු දරුවන් කලාප ,පළාත් සහ සමස්ත ලංකා ජයග්‍රහණ රාශියකට උරුම කම් කියන අතර ඉහළ තනතුරු දරන කීර්තිමත් ආදි සිසුන් රට පුරා සිටිති.වසර 120 කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියමින් සාඩම්බර දිගු ගමනක නිරත වෙන මේ පින්බිමේ අතීත ,වර්තමාන හා අනාගත අභිමානය ලෝකය හමුවේ විදහා දක්වමින් දිගු ගමනක යෙදෙමින් අභිමානවත් මෙහෙවරක් තම විදුබිම වෙනුවෙන් ඉටු කරන්න දිරිය ගෝතමී පුතුන්ට ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.
ජිනාදරී මාන්නප්පෙරුම
වැඩබලන විදුහල්පතිනිය
ගෝතමි කනිෂ්ඨ විද්‍යාලය.






