නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය
KN. ප්‍රියදර්ශනී මිය
ගෝතමී විද්‍යාලය,සියනෑ කෝරලයේ අග්‍ර විද්‍යාස්ථානයන් අතර කීර්තිමත් විද්‍යාලයකි. අප විද්‍යාලය දැක්ම සහ මෙහෙවර අනුව යමින් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම අඛණ්ඩව සංවර්ධනය කරමින් ගෝතමී විද්‍යාලය වඩා ඉහල තැනකට ගෙනයාම සදහා දැඩි කැපවීමෙන් කටයුතු කරන විදුහල්පති ඇතුලු සියලුම කාර්යය මණ්ඩලයේ මම මහත් සේ අගය කොට සලකමි.
ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතින අතර එම තත්වය තවදුරත් වර්ධනය කර පවත්වාගෙන යාම අපගේ අරමුණයි. ඒ සදහා විවිධ අධ්‍යාපන වැඩසටහන් 3,4,5 ශ්‍රේණි ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ. එමෙන්ම ද්විතීයික අංශයේද අ.පො.ස. සාමාන්‍ය පෙල ප්‍රතිඵල වර්ධනය කිරීම සදහා 10,11 ශ්‍රේණි වල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. අවසන් වශයෙන් ගෝතමී විද්‍යාලීය අනාගත ගමන් මග තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
KN. ප්‍රියදර්ශනී මිය
නියෝජ්‍ය විදුහල්පතිනි
ගෝතමි කනිෂ්ඨ විද්‍යාලය.






